නිසදැස්

බලාපොරොත්තුවක්..

මහ පොළොව මත
තනිවුණු
ජීවමාන වෘක්ෂයක්
ඉරිතලා ගොස් වියළී
ගිම්හානයේ
සරදමට හසුව
නමුත්
බලාපොරොත්තු
පොදි බැදන්
හැකි සෑම කාලයක්
බලා සිටින්නේය
පැමිණෙන තුරු
වස්සානය...

සුමේදා රත්තසිරි

1 comment:

  1. බලා සිටිමි
    ඔබ සමඟ මමත්
    පැමිණෙන තුරැ
    වස්සානය..❤️

    ReplyDelete