පියෙකු හා දරුවෙකුගේ සම්බන්ධයෙදී මව හා සමානව පියා දරුවා
වෙනුවෙන් සිදුකරනු ලබන අති මහත් කැප කිරීම හා විඳිනා දුක්
කම්කටලූ මෙම ගීතය තුලින් එලි දක්වනු ලබයි. මෙහි වචන ශබ්ද රසයට වඩා අර්ථ රසයෙන් අනූන
සෞන්දර්යාත්මක සන්නිවේදනයක් සමාජයට සිදුකිරීමට මෙහි රචකයා උත්සාහ කර ඇත.
ලෝකයේ මව යන
චරිතය සියලූදෙයටත් වඩා ඉහලින් ඇති උතුම්ම පරම පූජනීය චරිතය ලෙස සලකයි. ඇය දෙවැනි වන්නේ
බුදුරදුන්ට පමණය. ඇය දරුවෙකු
වෙනුවෙන් කරන්නේ දුක් කම්කටලූ පිරි අතිශය වේදනාකාරී මෙන්ම කැපකිරීම් බහුල මෙහෙවරකි. එය වෙනුවෙන් ඇයට
හිමිවිය යුතු තත්වය සමාජය ලබාදී ඇත්තේ දරුවෙකුට ඇය වටිනාම පුද්ගල මෙන්ම ලොවේ
දෙවැනි බුදුන් ලෙස දක්වමිනි. විවිධාකාරයෙන්
මවගේ ගුණ වර්ණනා කරමින් ඇය පූජනීය කරනු ලබයි. දසමාසයක් කුසතුල දරුවෙකු තබාගෙන රැකගෙන
ලෝකයේ ඇති දරුනුම වේදනාව විඳ මෙලොවට දරුවා බිහිකරන අම්මා තම ලේ කිරි බවට හරවා
තමන්ගේ දරුවාට පොවා දරුවා ලොකු මහත් වනතුරු ඇස්දෙක මෙන් ඇයගේ පණ මෙන් රැක බලාගනී. ඇය දෙවඟනකි. එය සැබෑය. නමුත් ඇය පසුපස
සිටිමින් ඇයට සවිය වෙමින් ඇය සහ දරුවා දෙදෙනාම දරා සිටින යෝධ ශක්තියක් පවතී. එ් පිළිබඳව සොයා බැලීම
අඩුය. සමාජය තුළ එම
චරිතය සඳහා මව හා සමාන ස්ථානයක් නොලැබෙනුයේ කිම? මෙම සමාජ යථාර්ථය සෙවීමට ඒ පිළිබඳ ලොවට
පැවසීමට ඉදිරිපත් වූවන් සිටින්නේ අතළොස්සකි. ඒ චරිතය තුළ ඇති දුක්බර කතාව, හැඟීම් පිළිබඳ සොයා
බැලීමට කිසිවකු උත්සාහ නොකරන්නේ මන්ද? ඒ පිළිබඳ සමාජ යථාර්තවාදීව සොයා බැලීම වැදගත්ය. එම චරිතය වන්නේ ආදරණීය
පියාය. ඔහු තුළ ගැබ්
වී තිබෙන දරු සෙනෙහස පිටතට ප‍්‍රකාශකරන්නේ ඉතාමත් අඩුවෙනි. ඇතැම් විට එයට ඔහුට
කාලයක් අදා වන්නේ නැත. එනම් ඔහු තම
පවුල වෙනුවෙන් මුදල් සෙවීමට දිවා රැය වෙහෙසෙනවා විය හැකිය. ඔහුගේ හදවතේ තම ආදරණීය දරුවා වෙනුවෙන්
ගැඹුරු සෙනෙහසක් ඇත. ඔහු අපමන
කැපකිරීම් සිදු කරනුයේ එම සෙනහසේ බලය නිසාවෙනි. එය
සෞන්දර්යාත්මකව විදිය යුතුය. සැබෑ
සෞන්දර්යාත්මක බව රැදී පවතින්නේ එහිය. මන්ද ලොවට හඩ නොනගන ආත්මාර්තයෙන් වෙන්වූ පරාර්ථයෙන් තෙත්
වූ හදවතක් තුළ ඔද වැඩෙන දරු සෙනෙහසක හැඟීම්බර කතිකාවතක් එහි ඇත.
මෙම ගීතයේදී
මවගේ පිටුපසින් සිට පියා සිදුකරන මෙහෙවර පිළිබඳ යම්කිසි එළිදැක්වීමක් පියෙකුගේ
ස්වරයෙන් ඉදිරිපත් කරනුයේ ඉතාමත් හැඟීම්බර මෙන්ම සෞන්දර්යාත්මක ලෙසය.
”අම්මා සඳකි මම
ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදින්
නුඹෙ ලොකය එළිය වුණි ”
තමන්ගේ ගුණය වර්ණනා කිරීමේදී අම්මා යන චරිතයේ
වටිනාකම අඩුකර නැත. අන්ධකාරය තුලින් එළියකරන සඳක් ලෙස මව දක්වා ඇත්තේ ඇයගේ
සෞන්දර්යාත්මක බව පෙන්වීමට විය හැකිය. ඇය ගැහැනියෙකි. එසේම දරුවෙකුට ස්වාමියකුට එළිය ලබා දෙන
අඳුරේදී මග පෙන්වන සඳක් ලෙස මව යන චරිතයෙ දක්වමින් ඒ ලෝකයේ දෙදෙනාටම එළියදෙන ප‍්‍රධානියා
ලෙස පියා යන චරිතය දැක්වීමට ”ඒ ලොව හිරුය රිදී” යනුවෙන් දක්වා ඇත. එහි වචනාර්ථය ඉතාමත් ගැඹුරුය. එනම් අම්මා
දරුවන්ට එළිය ලබාදෙන එළිය ලබා දෙන්නේ සඳක් ලෙස ය. සඳ නැතහොත් චන්ද‍්‍රයා ලොවට එළිය දෙනුයේ
ඉරෙන් ලැබෙන ආලෝකය පරාවර්ථනය කරමිනි. එසේ නම් මෙහිදීි සෞන්දර්යාත්මක ලෙස දක්වා ඇත්තේ ඉර
නැමැති එම පියා යන චරිතයේ ශක්තිය ලබා ගනිමින් මව එහි ආලෝකයේ ප‍්‍රතිරූපය ලෙස පෙනී
සිටින බවයි. මවට පිටුපසින්
සිටිමින් ඇයට සවිය වෙමින් ඇය හා දරුවා පෝෂණය කිරීමට ඔහු විදින දුක් වේදනා පිළිබඳ
මෙහිදී අපූර්වත්වයෙන් යුතුව දක්වා ඇත. එසේම ඉර සඳු මෙන් මව සහ පියා ලෙස තමන් දරුවාගේ ලෝකය
ආලෝකමත් කරන බව පවසන්නේ සෙමින් ආමන්ත‍්‍රණය කරමිනි.
”රැකුමට
පුතුන් දිවියේ දුක් ගැහැට විදි
පිය සෙනෙහසට
කව් ගී ලියැවුනා මදී ”
තම දරුවා
පෝෂණය කිරීමට රුකබලා ගැනීමට පියා විදි දුක් ගැහැට පිළිබඳ ඔහු ඉතා සංයමයෙන් යුතුව
මෙහිදී දරුවා ආමන්ත‍්‍රණය කරමින් පවසන්නේ ඉතාමත් සෞන්දර්යාත්මක ලෙසිනි. ඒ වගේම පියෙකු ලෙසින්
ඔහු සිදුකරන මෙහෙවර වෙනුවෙන් කිසිදු අගය කිරීමක් එසේම ඔහුගේ මෙහෙවර පෙනීමන් නැති
බවද ඔහු කියා සිටියි. ඔහුගේ සෙනෙහස
ගැඹුරු බව වටහා ගත්තෙක් නොමැත. මවකගේ මෙහෙවර
වෙනුවෙන් ඇයට ගරු බුහුමන් දැක්වීමට ඇයව අගය කිරීමට කවි ගීත බිහි වී ඇති ප‍්‍රමාණය
අධිකය. නමුත්
පියෙකුගේ සෙනෙහස ඔහුගේ දුක් වේදනා පිළිබඳ ලියැවූවන් අවමය. ඒ පිළිබඳ ඔහු යම්කිසි
කලකිරීමකින් පසුවන්නේදැයි මෙහිදී ගැටලූවකි. මන්ද ඔහු එක එල්ලේ ඒ පිළිබඳ සඳහන් කරන්නේ
නැත. ඔහුට
ගරුකිරීමක් අවශ්‍යයැයි ඔහු කියන්නේ නැත. ගෞරවය ඔහු අයදින්නේ නැත. නමුත් ඔහු ඒ පිළිබඳ
යම්කිසි සංවේගයකින් පසුවන බව තම දරුවාට ඔහු ඇමන්ත‍්‍රණය කරන අයුරින් පැහැදිලි වේ. ඔහු ඉතාමත් සංසුන්ව
ඉදිරිපත් කරන්නේ පියෙකු වෙනුවෙන් සමාජයේ ඇති ගෞරවය මද බවත් පුතෙකු ලෙස ඔබවත් තම
සෙනෙහස ඇඳිනගත්තේ නැතිද යනුවෙන් ඉතා හැඟීම්බර ලෙස සෞන්දර්යාත්මකව පවසයි. මව දරුවාව දසමසක් කුස
දරාගෙන සිටියා මෙන්ම තමන්ද පියෙකු ලෙස දරුවා වෙනුවෙන් මුලූ ජීවිතයේම බර උසුලන්නේය
යන්න මෙහිදී පෙන්වා දෙයි.
”සිරුරේ
දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනි
කුසයේ
නොදැරුවත් දිවි බර මට දැනුනේ”
දරුවාට ජීවිතය
දුනිනේ පියාය. දරුවාගේ සිරුරේ
දුවන්නේ තමන්ගේ ලේ බව පවසමින් ඔහුගේ සෙනෙහස පිළිබඳ දරුවාට පහදාදීමට මෙහිදී
උත්සාහයක් ගන්නා බව පෙනේ. තම ජීවිතයේ
පැමිණි සියලූ දුක් වේදනාවන් පීඩාවන් සඳහා මුහුණ දෙමින් මවට හා දරුවාට කිසිදු
කරදරයක් නොවන ලෙස ඔවුන් ආරක්ෂා කරමින් ඔහු එම දුක් පීඩා හරහා විශාල පවුරක් ලෙස
සැමවිමෙ සිටියි. දරුවා දස මසක්
කුස තුළ නොදැරුවත් දරුවාගේ සියලූ වගකීම් තම උරමත හොවාගෙන සිටින්නේ පියාය.
”මහමෙරකට උසයි
දරු පෙම හද පතුලේ
පුදුමයි
පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ”
දරුවෙකු ඇති
දැඩිකිරීමට මෙන්ම ඒ සඳහා මව පෝෂණය කිරීම දෙදෙනාම රැකබලා ගැනීමේ කටයුතු පියා වෙත
පැවරුනු වගකීමක් ලෙස
නොසලකා මනුෂ්‍යත්වයෙන් ආදරණීය හැඟීමෙන් අනන්ත වූ පිය සෙනෙහසින් තමන්ගේ දරුවා සහ
බිරිඳ රැකබලා ගනිමින් ජීවිතයේ පැමිණෙන දුක් ගැහැට විද දරාගෙන සිටියි. එය ගීතයේදී එක් වරම
නොපවසයි. ඔහු තුළ
දරුවාට තිබෙන ආදරය පවසන්නේ මහමෙරකට වඩා එය විශාල බව දක්වමින් ඉතාමත්
සෞන්දර්යාත්මකවය. තමන්ගේ හදවත
තුළ දරුවාට ඇති ආදරය සෙනෙහස කෙතරම්දයත් පවසන්නේ නම් මවගේ මෙන් ලේ කිරි නොවීම
පුදුමයක්ම පමණයි යනුවෙන් සඳහන් කරයි. ජීව විද්‍යානුකූලව සිදුනොවන හැඟීම් සිතුවිලි මානසිකත්වය
අනුව ආධ්‍යාත්මය අනුව සිදුවන දෙයක් ලෙස එය සිදුවන්නේ නම් හදවතේ පවතින අපමණ සෙනෙහස
නිසා අනිවාර්යෙන්ම තමන්ගේ ලේ දරුවා වෙනුවෙන් කිරි බවට හැරවෙන බව පියතුමා මෙහිදී
පවසන ආකාරයෙන් ඔහුගෙ දරුවා වෙනුවෙන් පවතින ආදරයේ සෞන්දර්යාත්මක බව මනාව දිස්වෙයි.
පියතුමාගේ ලේ
කිරි නොවුනත් මව කිරි දුන්නේ මවටද පෝෂණය ලැබුනු හෙයිනි. එසේනම් මව පෝෂණය කිරීමට සිදුවන්නේ කා හටද! ඒ
පියාය. ඔහුගේ
බාරකාරත්වය කිසිවෙකු ඔහුට බලෙන් බාරදුන්නක් නොව ඒ ඔහුගේ හදවතෙන් ඔහු ලබාගත්
නියෝගයකි. මව පෝෂණය
කරමින් ඇයගේ උවමනාවන් ලබා දී දරුවාට අවශ්‍ය සියලූ දෑ ඇය හරහා ලබා දුන් බව ඔහු පවසයි.
”මවකට මුවා වී
නුඹ වෙත කිරි දුන්නේ
ඹම වෙමි
පුතුනි එය මා පමණයි දන්නේ”
මේ පිළිබඳව
කිසිවෙකුගේ අවධානය යොමු වන්නේ අඩුවෙනි. දරුවාට තම ලේ කිරිකර පොවා ඇති දැඩි කළායැයි මවට ගෞරව
සම්ප‍්‍රයුක්තව සලකනුයේ ඇය දෘෂ්‍යමානව තම මෙහෙය සිදුකරන හෙයිනි. නමුත් ඊට පිටුපසින් කිසිවෙකුගේ
දහඩිය කඳුලූ අති විශාල කැපකිරීමක් පවතින බව දන්නෝ දනිති. දැනගත්තා වුවද ප‍්‍රසිද්ධ කරුණක් වුවත් එ්
සඳහා වටිනාකමක් ලැබෙනුයේ කලාතුරකිනි. ඒ දුක් වේදනා කෙතරම්ද යත් දන්නේ ඔහු පමණකි. වෙන කිසිවෙකුට ඔහුගේ
හැඟීම්, වේදනාවන්
තේරුම් ගැනීමට නොහැකිය. නමුත් ඔහු නිහඩව
එය විද දරා ගන්නේ එක් දෙයක් නිසාවෙනි. ඒ හදවත පුරා පවතින අපරිමිත දරු සෙනෙහස නිසාවෙනි. එම ආදරයේ පවතින්නේ
ගැඹුරු සෞන්දර්යාත්මක බවකි. නමුත් මෙම
ආදරයේ තරම දරුවන් හඳුනන්නේ නැති බව පියතුමාගේ ඉතාමත් දුකට කාරණයකිx ඔහු විමසන්නේ,
”පිය සෙනෙහස
නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන්
පමණද මතු බුදු වන්නේ”
අම්මා යන
චරිතයට පමණක් මතු බුදුවන වන ලෙස පා‍්‍රර්ථනා කරනුයේ පිය සෙනෙහස හඳුනන්නේ නැත්තේ
කිමද යනුවෙන් ඉතාමත් සංවේදීව මෙහිදී ඉදිරිපත් කරන ආකාරය අලංකාරය. සමස්ථ පිය වරුන්ගේම
පැනයක් ඉදිරිපත් කරමින් සමස්ථ සමාජයටම මෙහිදී සෞන්දර්යාත්මක සන්නිවේදනයක මනාවට
යෙදෙයි. එය
යථාර්තවාදීව තේරුම් ගැනීමට උත්සාහ ගත යුතුය. එහි පවතින සෞන්දර්යාත්මක බව
තේරුම්ගැනීමට
මෙම ගීතයේ ශබ්ද රසයට වඩා අර්ථ රසය හඳුනාගත යුතුය.
මෙම ගීතය
පිළිබඳ විශේෂයෙන් සෞන්දර්යාත්මක බව විමසීමේදී මෙම ගීතය සරල බස් වහර පැහැදිලිය. පැවසීමට අවශ්‍ය දේ
ඉතාමත් සංවරයෙන් යුතුව එමෙන්ම සංවේදීව ඉදිරිපත් කර ඇත. මෙම ගීතය පිළිබඳ ඉතාමත් වැදගත් කාරණයක්
දක්වන්නේ නම් ඒ මෙහි රචකයා පිළිබඳවය. මෙම ගීතයේ ගායනය ටී.එම් ජයරත්නයන්ය. මෙහි රචකයා විශේෂිත පුද්ගලයෙකි. නිවැරදිව දක්වන්නේ නම්
මෙම ගීතයේ සෞන්දර්යාත්මක බව මෙන්ම විශේෂිත බව රැදී තිබෙනුයේ එහි රචකයා කාන්තාවක්
වීමය. එනම් ටී.එම් ජයරත්නයන්ගේ බිරිඳ
මාලිනී ජයරත්නයන්ය. මෙසේ ගීපදවැල්
බැඳ ඇත්තේ මවක් ලෙස බිරිඳක් ලෙස ඇයගේ ස්වාමියාගේ ජීවිත කතාවද? මේ පිරිමි සිතක තිබෙන
හෙළි නොකරන සිතිවිලි ගැහැනු සිතකින් ගී පදවලට ගළපා ඇත්තේ සැබෑම දරු සෙනෙහස නිසාය. එසේම තමාට පිටුපසින්
ශක්තියක් වූ තම දරුවන්ගේ ආදරණීය පියාණන් වූ තම ස්වාමියාගේ කතාව විය හැකිය. ඇය හඳුනාගත් එම සංවේදී
සිත මුලූ සමාජයේම පියවරුන්ගේ යථාර්ථය ලෙස දරුවන්ට පමණක් නොව ලොවටම හඩ නගා පැවසීමට
ඇය ගත් උත්සාහය ඉතාමත් සෞන්දර්යාත්මකය. එම කළ සන්නිවේදනය ඉතාමත් සාර්ථකය. මෙහි
සෞන්දර්යාත්මක බව ඉස්මතු වන ප‍්‍රධාන කාරණය වන්නේ මෙම මව තම දරුවන්ගේ පියතුමාගේ
සිතිවිලි මනාවට තේරුම් ගැනීමය. එසේම දරුවන්ට
තමන් හා සමානව පියාද ඔවුන් වෙනුවෙන් කළ මෙහෙවර පහදා දීම සහ ඔහුගේ ගෞරවය ආරක්ෂා
කිරීමය. මෙලෙස විමසා
බලන විට උක්තයේ සඳහන් කළ අයුරින් පියෙකුගේ දුක වේදනාව දුටු කිසිවෙකු නොමැති බව
මුසාවක් වනු ඇත. එනම් තම
දරුවන් වෙනුවෙන් තම ස්වාමියා සිදු කරන අපමණ කැපකිරීම් බිරිදක් ලෙස අංශු මාත‍්‍රයක්
නොහැර මනාව ඇය දනී. නමුත් එය ලොවට
පවසන අම්මා වරුන් අඩුය. එලෙස
සැලකීමේදී මෙම රචිකාවියගේ පති ගෞරවය මෙන්ම මනුෂ්‍යත්වයද අගය කළ යුතුය. තමන් මවක් තමන්ව සියලූ
ගරු බුහුමන් සමාජයෙන් නොඅඩුව හිමිවී ඇත. නමුත් පියෙකු ලෙස ඔහු කෙරූ මෙයෙවරද ඇතැම්
විට තමන්ට වඩා ඉහළ බැව් වටහා ගත් ඇය තමාට මෙන්ම පියතුමා යන චරිතයටත් සමාජයෙන් නිසි
ගෞරවය හිමි විය යුතු බව පැවසීම යා එය දිනාගැනීමට කිසි විටෙක පියා ලොවෙන් ආයාචනය
නොකරන බැවින් ඇයම එම ගෞරවය ඔහුට දිනාදීමට ගන්නා උත්සාහය ඉතාමත් වටිනේය. මෙලෙස සලකන විට මෙම
ගීතයේ ශබ්ද රසයට වඩා එහි යට වූ කතාන්තරය හා එහි නිර්මාණයේ පාදම හා නිර්මාණකරු
පිළිබඳ සලකා බැලීමේදී සැබෑ සෞන්දර්ය ගැබ් වී ඇත්තේ එහි බව උක්තයෙන් පැහැදිලි වේ. එනම් මව් සෙනෙහස
පිළිබඳ පමණක් බොහොම ඉහළින් සලකන සමාජයට පිය සෙනෙහසේ තරම පහදාදීමට ඉදිරිපත් වී
සිටින චරිතය ඉතාමත් විස්වසනීයයි. එම විස්වාසය රැදී ඇත්තේ මවක් හා බිරිදක් ලෙස ඇයට වඩා
පියා යන චරිතය හදුනන අන්
කිසිවෙක් නොමැති නිසාය.
මෙම ගීතය
පිළිබඳ සෞන්දර්යාත්මක ප‍්‍රවේශයෙන් විචාරයේ යෙදෙන විට දක්නට ඇති කාරණයක් වන්නේ
දාර්ශනික වශයෙන් අප තුළ ඇතිවන සෞන්දර්යාත්මක හැඟීම් විග‍්‍රහ කිරීමට ” බෙල්
රින්ගර්” විද්වතා ඉදිරිපත් කරනු ලැබූ කරුණු වලට අනුව එහි පාරභෞතික (Metaphysics) ක‍්‍රමයට
අදාළ වන බවය. එනම් ආධ්‍යාත්මික
තත්වය හා ස්වාභාවික යථාර්ථය අතර ඇති සබඳතාවයන් මෙම ගීතයේ ඉදිරිපත් කර
සෞන්දර්යාත්මක රසයක් ලබා දී ඇත. පියෙකුගේ
භූමිකාව මවකගේ භූමිකාව හා සාපේක්ෂව ගත්විට ලැබෙන තත්වය හා දරුවන්ගේ හා පියාගේ අතර
සම්බන්ධයේ යථාර්ථවාදී තත්වය හෙළි කරමින් පියාගේ ආද්‍යාත්මික තත්වය හා ඔහුගේ වේදනාව,
ඔහුගේ සෙනෙහස හෙළි
කරමින් මෙහිදී සමාජයට විවරණය කරණුයේ දරුවන්ගේ ලොවේ සඳ මවනම් ඒ සඳටත් ඒ ලොවටත් ප‍්‍රධාන
ආලෝකය වන්නේ පියතුමා බවය. මන්ද සඳ ලොවේ
අඳුර නසන්නේ හිරුගේ ආලෝකයෙනි. හිරු නොමැතිව
සඳුට ලොවක් එළිය කළ නොහැකිය. පවුලක් තුළද
පියා නොමැතිව කිසිවක ශක්තිමත් බවක් නොමැත. පැවැත්ම අවධානම්ය. කෙසේ වෙතත් ඔහුට හිමි විය යුතු පිිළිගැනීම
සමාජයෙන් දරුවන්ගෙන් හිමි නොවුනත් කිසිදු අමනාපයක් හෝ දරුවන්ට පවතින සෙනෙහසේ
අඩුවක් නොවන බවට පියෙකුගේ හදවත මෙහිදී රචකාවිය තම අත්දැකීමෙන් ඉතා සෞන්දර්යාත්මක
රසයෙන් යුතුව ලොවට විවරණය කරන ආකාරය ඉතා හැඟුම්බර මෙන්ම එය අතිශය සාර්ථකය.
ගීතය
අම්මා සඳකි මම
ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන්
නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට
පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට
කව් ගී ලියැවුනා මදී..
සිරුරේ
දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ
නොදැරුවත් දිවිබර මට දැනුනේ
මහමෙරකට උසයි
දරු පෙම හද පතුලේ
පුදුමයි
පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..
මවකට මුවා වී
නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි
පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස
නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන්
පමණද මතු බුදුවන්නේ..
ගායනය: ටී.එම් ජයරත්න
පද රචනය:
මාලිනී ජයරත්න
සංගීතය: රෝහණ
වීරසිංහ