ශි‍්‍ර ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වූයේ බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව සිටි සමයේදී ය. එකල ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය ඇති කිරීම සඳහා එවකට තැපැල් හා විදුලි සංදේශ අංශයේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා වූ බි‍්‍රතාන්‍ය ජාතික ”එඞ්වඞ් හාපර්” මහතාගේ මැදිහත් වීම හා ආධුනික ගුවන් විදුලි සංගමයේ ඉල්ලීම මත බි‍්‍රතාන්‍ය රජය කමිටුවක් මගින් කරුනු සොයා බලා ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය ඇරඹීමට තීරණය කරන ලදිx ඒ අනුව 1924 වන විට ඒ පසුබිම මත ලංකාවේ ගුවන් විදුලි සේවයක් ස්ථාපිත විය. එහිදී කමිටුවේ තීරණය අනුව ගුවන් විදුලි මාධ්‍ය පාලනය මෙහෙය වීමට රාජ්‍ය අංශයට ලබාදීමට තීරණය කෙරිණි. මුල් කාලීනව ඉංගි‍්‍රසි මාධ්‍යයෙන් වැඩසටහන් බොහෝමයක් විකාශය වූ අතර ක‍්‍රමයෙන් සිංහල නිවේදකයන් බඳවා ගැනීම හා සියලූ වැඩසටහන් විකාශයද සිදු විය.
මෙසේ ගුවන් විදුලි සේවය වර්ධනය වෙමින් 1990 දශකය ආරම්භයත් සමඟ ගුවන් විදුලියට එෆ් එම් දශකයක් උදා විය. මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවූ ඉතා වැදගත්ම සිදුවීම වාර්තා වූයේ මෙම 90 දශකයේදීය. එනම් රාජ්‍ය ගුවන් විදුලි ඒකාධිකාරය බිද දමමින් පෙෘද්ගලික අංශය විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍ර‍්‍රයට එක් වීමයි. මෙලෙස පෙෘද්ගලික නාලිකා ආරම්භය කෙරෙහි සමාජීය, ආර්ථික, දේශපාලනික සාදක බලපැවැත්විය.
එනම් එවක පැවැති එක්සත් ජාතික පක්ෂ රජය පෞද්ගලික ගුවන් විදුලි සේවයක් ඇරඹීමට ”කලම්බු කොමියුනිකේෂන්” ආයතනයට අවසර දීමත් සමඟ 1991 වසරේදී ”එෆ් එම් 99” නමින් ශි‍්‍ර ලංකාවේ ප‍්‍රථම පෞද්ගලික නාලිකාව ආරම්භ කරන ලදී. ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ලිවි විජේමාන්න මහාතා එහි හිමිකරු හා සභාපති විය. 1982 පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක් පවත්වා ගෙන යාමට බලපත‍්‍රයක් ලැබු ප‍්‍රථම ලාංකිකයා වීමෙ ගෞරවයද ඔහුට හිමි විය. මෙම කොලඹ හා නුවර ප‍්‍රදේශයට පමණක් සීමා වු සේවාවෙන් විවිධ සංස්කෘතිකාංග වැඩි වශයෙන් ප‍්‍රචාරය කෙරිණිග
නමුත් විශේෂයෙන්ම ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරිමේ එ්කාධිකාරයක් රජය සතුව තබා ගනිමින් පෞද්ගලික නාලිකා වලට අවසර දෙනු ලැබිය. රාජ්‍ය මාධ්‍ය ඔස්සෙ සිදු වු සාම්ප‍්‍රදායික රාමුවෙන් පිටතට ගිය ගුවන් විදුලි විකාශනය පෞද්ගලික මාධ්‍ය ඔස්සේ ආරම්භ විය. 1993 දී මහාරාජා සංවිධානයට සිංහල හා ඉංගි‍්‍රසි ගුවන් විදුලි දෙකක් ආරම්භ කිරිමට අවසර හිමි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1993 වසරේ දෙසැම්බර් 10 මහාරාජා ආයතනයේ, සිංගප්පුරු ටෙලිකොම් ආයතනයත් එකවර මෙරට ඉංගි‍්‍රසි අසන්නන් වෙනුවෙන් ”යර්ස් එෆ් එම්” ගුවන් විදුලි සේවය ආරම්භ කරන ලදී. මෙය ප‍්‍රබල එෆ් එම් තරංග මාලා ඔස්සේ විකාශය කිරිම නිසා දිවයින පුරා යහපත් ශ‍්‍රවන ජාලයක් ඇති කිරිමට සමත් විය. තරුණ පරපුර ගුවන් විදුලියට එක් රොක් කර ගැනිමට හැකි විම පෞද්ගලික ගුවන් විදුලි සේවයේ සාර්ථකත්වයට හේතු විය. සාම්ප‍්‍රදායික ගුවන් විදුලි රාමුවට ය. 'යර්ස් එෆ් එම්' පෞද්ගලික ගුවන් විදුලි සේවයේ ඇරඹිම සමඟ අභියෝගයක් එල්ල විය.
එසේම රාජ්‍ය ගුවන් විදුලි සේවය තුලදී නිවේදක නිවේදිකාවන්ට හිමි වු අවස්ථා වලට වැඩි අවස්ථා ප‍්‍රමාණයක් පෞද්ගලික ගුවන් විදුලි සේවා ආරම්භයේදී ලැබිණි. යොවුන් නිවේදක නිවේදිකාවන්ට ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට සම්බන්ධ විමේ අවස්ථා ලැබිණි. යර්ස් එෆ් එම් ඇරඹි මාස 04ට පසු ''සිරස එෆ් එම්'' නමින් මහාරාජා ආයතනයේ සිංහල ගුවන් විදුලිය අති සාර්ථක විය. ලංකාවේ නිවසේ සිට බස් රථය දක්වාම ගමන් කිරිමට සිරස ගුවන් විදුලි නාලිකාව සමත් විය. සාම්ප‍්‍රදායික රටාවෙන් බැහැරව විකාශනය ගෙන යාම මෙයට ප‍්‍රධාන හේතුව විය. විවිධ සංගීතමය වැඩසටහන් සදහා ප‍්‍රමුඛත්වය දෙමින් සිරස ගුවන් විදුලි සේවය ක‍්‍රියාත්මක විය. තවද සිරස ගුවන් විදුලිය අන්තර්ජාලය ඔස්සේ ද රස විදිමට ඉඩ ප‍්‍රස්ථා නිර්මාණය විය.
පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් ආරම්භ විම සදහා හේතු සාධක විමසිමෙ දී මෙතෙක් නිර්මාණය වු පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් නිසාත් රාජ්‍ය සේවයේ අපහසුකම් නිසාත් ගුවන් විදුලි ඒකාධිකාරයෙන් පවත්වා ගෙන ගිය ශි‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ ආදායම් තත්වය දිගින් දිගටම දුර්වල විය. පෞද්ගලික නාලිකාවන්හි ව්‍යාපාර කටයුතු සදහා අලෙවි ප‍්‍රවර්ධකයන් යොදා ගෙන කටයුතු කිරිම නිසා ඔවුන්ගෙ ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට හැකි විය. දිනෙන් දින පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් වැඩි විය.
1998 අග භාගයේ දී පෞද්ගලික ගුවන් විදුලි සේවයන් ආරම්භ කිරිම සදහා ආසියානු ගුවන් විදුලි සංගමයට අවසර ලබා දෙන ලදී. ඒ අනුව 1999 මුල් භාගයේ දී ඒ. බි. සි. නමින් මෙම ගුවන් විදුලි සේවය ඇරඹිය. මෙය එතෙක් පැවති ගුවන් විදුලි සේවයන්ට වඩා වෙනස් අයුරකින් ගුවන් විදුලි සේවා 5ක් විවිධ වයස් කාණ්ඩ වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් විකාශය ගෙන යන ලදී.
දෙමල ඉංග‍්‍රිසි වශයෙන් වෙන වෙනම සේවා තුනක් ආරම්භ කරමින් කොල්ලුපිටියේ පිහිටි ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදී. එහිදී සිංහල සේවාව ”සවන” නමිනුත් ගුවන් සේවාව එෆ් එම් 99 සේවයන් ඉංග‍්‍රිසි සේවයන් නැපිටල් රේඩියෝ නමිනුත් ගුවන් විදුලි සේවා තුනක හදුන්වා දෙන ලදී.
මෙම පෞද්ගලික ගුවන් විදුලි සේවා වඩාත් ලාභ ලබන ආයතන බවට පත් විම හේතුවෙන් තවත් පෞද්ගලික ආයතන කිහිපයක්ම හා නව ගුවන් විදුලි සේවා ඇරඹිමේ බලපත‍්‍ර රජයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව ”ටි.එන්එ.ල්” නමින් ඉංග‍්‍රිසි ගුවන් විදුලිය ආරම්භ කිරිමට සීමා සහිත ටෙලිෂාන් ආයතනයට අවසර හිමි විය.
දිගින් දිගටම රජයේ ගුවන් විදුලි ශ‍්‍රාවකයන් ඈත් වීම නිසා 1994 බලයට ආ රජය නව ගුවන් විදුලියක් ආරම්භ කිරිමට ගත් තිරණයකට අනුව 1996.11.15 දින ගුවන් විදුලි සංස්ථාෙවිම ” ලක්හඬ” නමින් නව ගුවන් විදුලි සේවයක් අරඹන ලදී. මෙම සේවය සදහා යොවුන් නිවේදක නිවේදිකාවන් විශාල පිරිසක් බදවා ගනිමින් එතෙක් පැවති පෞද්ගලික ගුවන් විදුලි සේවාවන්ට වෙනස්ම වැඩසටහන් විකාශයට අවධානය යොමු කෙරිණි.
දැඩි විවෙචනයට භාජනය වු ලක්හඬ ගුවන් විදුලිය රජයේ තවත් හොරණෑවක් ලෙස හදුන්වන ලදී. ආරම්භයේදී ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සේවකයන්ගේ දැඩි විරෝධය එල්ල විය. එය සමථයකට පත් වුයේ ලක්හඬ පාලනය ස්වාධින රූපවාහින්යට පැවරිමත් සමග ය. නැවත වරක් 1998 දී සි/ස ආයතනය ටි.එන්එ.ල් නමින් සිංහල ගුවන් විදුලි සේවයක් ආරමිභ කරන ලදී. ඒ වන විට ශ‍්‍රාවකයන්ට සිරස, සවන, ලක්හඬ, ශ‍්‍රි ලංකා ගුවන් විදුලිය යන ගුවන් විදුලි සේවයන් හතරට පිරිස් යොමු වී සිටි නිසා ටි.එන්එ.ල් සදහා පිරිස අඩු විය. ලාභ ලැබිම අඩු විය. මෙම තත්වය යටතේ තනි ගුවන් විදුලි සේවයන්ට හිරවී සිටි ශ‍්‍රාවකයන්ට තමන්ට රිසි සේ වැඩසටහන් තෝරා ගෙන රස විදිමට පරිසරයක් ගොඩ නැගිනි. 1998 වසර මැද දී ටි.එන්එ.ල් ගුවන් විදුලිය තම වැඩසටහන් ආකෘතිය වෙනස් කරන ලදී.
- හිරු ගුවන් විදුලි සේවය - සිංහල තරුණ අසන්නන්ට
- සන් ගුවන් විදුලි සේවය - ඉංග‍්‍රිසි තරුණ අසන්නන්ට
- තරු ගුවන් විදුලි සේවය - වැඩිමහල් සිංහල අසන්නන්ට
- ගෝල්ඞ් ගුවන් විදුලි සේවය - වැඩිමහල් ඉංග‍්‍රිසි අසන්නන්ට
- සුර්යය ගුවන් විදුලි සේවය - දාවිඩ අසන්නන්ට
ලංකාවෙ වැනි ගුවන් විදුලි ශ‍්‍රාවකයන් පිරිසක් සිටින රටක මේ ආකාරයට කාණ්ඩ වශයෙන් සේවා ප‍්‍රචලිත වීම අඩු විය. ඒ නිසා වැඩිමහල් සිංහල අසන්නන් වෙනුවෙන් වු තරු ගුවන් විදුලි සේවය ලාභ අපේක්ෂාවෙන් එහි ව්‍යුහය සම්පුර්ණයෙන් ම වෙනස් කොට පැය 24 පුරාම ක‍්‍රියාත්මක වන සංගීතමය ගුවන් විදුලියක් බවට පත් වු අතර හය ''ෂා'' එෆ් එම් ය. ඒ. බි. සි. ගුවන් විදුලි සේවය පලපුරුදු නිවේදකයන් හා වැඩසටහන් සැලසුම්කරුවන් වැටුප් දී සේවයට බදවා ගැනිම මත අනෙකුත් ගුවන් විදුලි සේවා තුළ අභ්‍යන්තර ගැටුම් ද ඇති විය.
කෙසේ වෙතත් වර්තමානය වන විට ශ‍්‍රි ලංකා ගුවන් විදුලියට අමතරව ජනප‍්‍රිය වු මෙම පෞද්ගලික නාලිකා බොහෝමයක් මෙරට ගුවන් ජාලය වෙන් කර ගෙන ඇත.